Motorola Pure android දුරකතනය වන Motorola Moto X Style හි පුනරාගමනය
Motorola
කිව්වොත් අද ගොඩක් කට්ටිය දන්නේ නැති Brand එකක් බවට පත්වෙලා තියෙනවා . ලංකාවේ
Motorola ගැන ගොඩක් ප්‍රසිද්ධ නොවුනත් අදටත් Motorola Phone පාවිච්චි කරන අය, Motorola
වලට ආදරය කරන අය ලංකාවේ තාම ඉන්නවා . Motorola සහ Google සම්බන්ධ වී 2014 අවුරුද්දේ Nexus 6 ස්මාර්ට් දුරකථනය
හදුන්වා දුන් අතර එය බෙහෙවින් ජනප්‍රිය වුයේය.
මේ
අවුරුද්දෙත් Motorola විසින් ස්මාර්ට් දුරකථන තුනක් එළිදැක්වූ අතර, ඒ අතරින් Motorola Moto X Style ප්‍රදාන
ස්ථානයක් ගනී . එහෙයින් අද මම Moto X
Style පිළිබද ඉදිරිපත් කිරීමට අදහස් විය .
Moto
X Style යනු Android 5.1.1 මෙහෙයුම් පද්ධතියෙන් ධාවනය වන සහ Motorola වලට ආවේනික
Moto Voice , Moto Assist , Moto Display සහ Moto Action යන ප්‍රදාන apps වලින් මෙම දුරකථනය
සමන්විත වේ .
මෙහි
Camera පිළිබදව ගත් විට , පිටුපස Cameraව 21.0 f/2.0 මෙගා pixel අගයෙනුත් සහ දිත්ව
Flasher ( Dual CCT flash ) සමග පැමිණෙන අතර Video පටිගත කිරීමේදී 4k උසස් තත්වයකින්
පටිගත කිරීමේ හැකියාවක් දක්නට ලැබේ , මෙහි ඉදිරිපස Camera ව 5.0 මෙගා pixel අගයකින්
මෙන්ම 87” wide-angle කාච ප්‍රමාණයකින් යුක්ත වේ. මෙහි ඉදිරිපස Flasher යක්ද අඩංගු
වේ .
Moto X Style හි බැටරි ධාරිතාවය 3,000 mAh වන
අතර මෙයට Moto turbo Charger උපාංගය
නොමිලේ ලබාදෙයි . මෙහි Ram මතකය 3GB වන අතර Memory ධාරිතාව 16/32/64 GB යනුවෙන් ආකාර තුනකින් පැමිණෙන
අතර මෙහි බාහිර මතකය 128 GB දක්වා ඉහල දැමිය හැකිය
මෙහි තනි Nano සිම්පතක් අඩංගු කල හැකි අතර , ද්‍රව ප්‍රතිරෝදී ( Water repellent ) තාක්ෂනය අන්තර්ගතකොට තිබේ ..
මෙහි
විශේයෙන් දක්නට ලැබෙන ලක්ෂණය වන්නේ Motorola official වෙබ්අඩවිය මගින් ලබාදෙන Moto Maker option ක්‍රමයයි . මෙහිදී ඔබගේ Motorola දුරකථනය ට ඔබට අවශ්‍ය වර්ණ වලින් දුරකථනය තෝරා
දුරකතනයේ මිල සැසදීමටද අවස්ථාව හිමිවේ








Post a Comment