භාෂා එක්ක යාළු වෙමු!
මොකක්ද මේ කියන හරුපේ? අපි කවුරුත් දන්න, අපි කවුරුත් නිතර දෙවේලේ පරිහරණය කරන 'හෙළකුරු' app එක සහ තවත් වැදගත් apps රාශියක් හඳුන්වල දීපු 'භාෂා' සමාගමේ අලුත්ම වැඩක් ගැන තමයි මේ කියන්නේ, නමින් 'යාළු'.
මේක Chat System එකක් වගෙයි පේන්නේ. ඊට එහා ගිය දෙයක් වෙන්නත් පුළුවන්. මේක අපිට අළුත් අත්දැකීමක් වෙයි. ලංකාවේ මේ වගේ ලොකු වැඩක් වෙන පළවෙනි වතාව මම දන්න තරමින්. අපි තාම හරියටම දන්නේ නෑ මේක මොන වගේ එකක්ද කියලා. මට හිතෙන විදිහට මේක ලොකු network එකක්. මොකද Yalu.lk එකේ කියලා තියන විදිහට අලුත් මිතුරු මිතුරියන් වගේම වෘත්තිකයන් පවා මුණ ගැහෙන්න පුළුවන්.
කොහොම නමුත් ලංකාවේ අපිට නම් ආඩම්බරයෙන් පරිහරණය කරන්න පුළුවන් වෙනවා කියලා මට විශ්වාසයි.
මේ තියෙන්නේ Yalu app එකත් එක්ක එන Stickers. Facebook එකේ English අකුරු වලින් තියන Stickers යවපු යුගය නිමා කරලා අපිට දන්න සිංහලෙන් කතා කරන්න පුළුවන් වෙයි වගේ. ;)
මේ තියෙන්නේ app එකේ පින්තූර වගයක්.
මම හිතන්නේ ඔයාලට දැන් දැනෙන්න ඇති මේක මොන වගේ වැඩක්ද, අපි යන්නේ අලුත්ම දේකට කියලා. ලංකාවේ අපිට ආඩම්බරයෙන් පාවිච්චි කරන්න පුළුවන් දෙයක් ලැබෙන්නයි යන්නේ කියලා. හැමදාම සුද්දගේ Facebook එකෙයි, Viber එකෙයි, Whatsapp එකෙයි කොට කොට හිටපු අපිට ළඟදීම අපේම කියලා දෙයක් ලැබෙයි. මේ app එක Android, iOS, Windows කියන මෙහෙයුම් පද්ධති තුනටම නිකුත් වෙනවා. ඒ නිසා කිසිම සීමාවක් නැහැ.
App එකේ Beta Version එක release කරපු ගමන් ඔයාලටත් test කරන්න අවස්තාවක් භාෂා එකෙන් දීල තියනවා. කැමති අය මෙතනින් ගිහින් Email Address එක දීලා ලියාපදිංචි වෙන්න.
ඉතින් අපි ටිකක් ඉවසලා බලන් ඉමු මේක මොන වගේ වෙයිද කියලා. හැමදාම අපිට අලුත් දේවල් දීපු භාෂා එක අනිවාර්යයෙන් මේ වතාවෙත් අපිව පුදුම කරවයි.
විශේෂයෙන්ම කියන්න ඕනි මේක ගැන මම ලියලා ඔයාලව දැනුවත් කරන්න හිතුවේ මේ වගේ
'අපේකම' තාක්ෂණයත් එක්ක ඉස්සරහට ගෙනියන ඒ නිර්මාණකරුවන්ව දිරිමත් කරන්න ඕනි නිසා. නැත්නම් කෙනෙකුට හිතෙන්න පුළුවන් භාෂා එකෙන් කියවල ලියෙව්වා කියලත්. අපේ ගොඩක් මිනිස්සු හිතන්නේ එහෙමනේ. (මේක ලංකාවනේ)
මම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා භාෂා එකේ ධනික අයියට මේ ලිපිය ලියන්න සහ පින්තූර ලබාගන්න අවසර ලබා දුන්නට. :)
අන්තිමටම මතක් වෙලා කියන්න ආවේ.. ඊයේ දිනයේදී භාෂා එකේ සිව්වන ජන්මදිනය සැමරුවා. :D ඒ කියන්නේ භාෂා එක බිහිවෙලා අවුරුදු හතරක්. සුබ උපන්දිනයක් භාෂා!







Post a Comment