ඇත්තටම HTC One A9 ඇපල් කොපි කලාද ?
හරි ඊයේ පෙරේද (හරියටම 20 වෙනිදා මේ මාසේ) HTC(HIGH TECH COMPUTERS) ලගේ ලේටස්ට් ෆෝන් එකක් රිලීස් කළා එක හැදින් උනේ HTC A9 කියල HTC දුරකථන වල සාම්ප්‍රදායෙන් පොඩ්ඩක් එලියට පැනලා AMOLED වර්ණ තිරයක් සමග තමා ආවේ විස්තර ගැන පස්සේ කියන්නම් හරි මේකෙදි ගොඩක් දෙනා කියන්න ගත්තා මේ ෆෝන් එක තනිකරම ඇපල් සමාගමේ අයි ෆෝන් 6 ඩිසයින් එක කොපි කළා කියල එත් මේ ඩිසයින් එක පළවෙනියටම බිල්ඩ් අප් කලේ HTC සමාගමයි.
-Jack Tong, President of HTC North Asia-
යනුවෙන් එයට මේ මහත්තයා චෝදනාවට පිළිතුරු දුන්නා ඇත්තටම මේ කතාව(වැඩි දුර දැනගන්න මෙතනින් )
මෙතනින් නවත්තල දුරකථනය පැත්තට හැරුනොත් මශ්මෙලෝ UPDATE එකත් එක්ක එන පලවෙනි HTC එක කිව්වොත් හරි කියල හිතනවා අභ්‍යන්තර මතක ධාරිතාව 16GB හා 32GB වශයෙන් වෙන වෙනම මාදිලි දෙකක් පැමිණෙන අතර 16gb මාදිලියේ RAM ධාරිතාව 2gb වන අතර 32gb මාදිලියේ RAM එක 3gb ලෙස වෙන වෙනම පැමිණේ තවද බාහිරින් මෙමරි කාඩ් යෙදිය හැක :D කැමරා ව පිළිබද පවසනවානම් ප්‍රාථමික කැමරාව 13 MP, 4128 x 3096 pixels, optical image stabilization, autofocus, dual-LED (dual tone) flash වේ secondery CAM එක 4MP වේ. ගලවා ඉවත් කල නොහැකි 2150 මිලිඅම්පියර් ධාරිතාවයකින් පැමිණෙන බැටරිය දිනයක පමණ කටයුතු ඉතා පහසුවෙන් කරගැනීමට හැකියාව ඇත (.බය වෙන්න එපා ෆාස්ට් චර්ජින් සපෝර්ට් :P ) ප්‍රදානතම අංගයක් ලෙස ගත්තොත් වැඩි දියුණු කරන ලද fingerprint sensor එකක්ද මෙම දුරකතනය සතු වේ :)
Apple සමාගමේ වෙබ් පිටුවෙහිම මෙම දුරකතන වල පේටන්ට් අයිතිය ගැන සඳහන් කර තිබුනේ මෙසේය...,
කෙසේ නමුත් hTC සමාගමේ මීට පෙර සිටි මෙම දුරකතන සියල්ලගේම නිර්මාණකරු දැං hTC සමාගෙමෙන් ඉවත්ව NextBit නම් සමාගමක් සමග නව නිෂ්පාදනය කරන්න එකතු වී ඇත ඔව්න් එම සමාගමෙන් එලිදක්වන්න නියමිත වූ NextBit Robin නම් දුරකතනයේ විස්තර ගැන කතාකිරීමට පැමිණි මොහොතකදී පවා ඔහු කිව්වේද Apple සමාගම විසින් ඔහුගේ මෙම All metal body (Uni body) සැලැස්ම සමඟ පිටුපස ඇති ඇන්ටනා ද එම සමාගම විසින් අනුකරණය කර ඇති බවය. ඒ පිලිබද තොරතුරු පහත වීඩියෝවෙන් බලන්න.
මෙම සමාගම් දෙක අතර කිසිම නීතිමය ප්‍රශ්නයක් නොමැති බව පැහැදිලිවම කිව හැකියි.. නමුත් මේ සමාගම් වල ප්‍රිය කරන්නන් සහ අන්තර්ජාල තොරතුරු බලන්නන් බොහෝමයක් සිතන්නේද hTC සමාගම විසින් මෙය අනුකරණය කලා යැයි ය, නමුත් සියලු දෙනාම දැන් තේරුම් ගත යුත්ත නම් මෙහිදී කිසිදු අනුකරණය යක් නොවී ඇති බවයි. :)
හරිනේ එහෙනම් අපි ගියා :)
---ජෙහාන්--


නියමයි මචං.
ReplyDelete