මොකක්ද මේ Turbo Charging සහ Turbo Charger කියන්නේ ??? ( Explaining quick charge 2.0 ) ☺
ඔබට අඩු කාලයකින් වැඩි ප්‍රමාණයක් ඔබගේ smart
දුරකථනය charge කරගැනීමට අවශ්‍යද ? එසේනම් Motorola Turbo Charger ය බෙහෙවින් අවශ්‍ය වේ ... ☻ ☺
Motorola සමාගම ක්වාල්කොම් සමග සම්බන්ධ වී turbo charging හෙවත් quick charge ක්‍රමය
හදුන්වා දුන්නේය .ක්වාල්කොම්
සමාගමේ quick charge ක්‍රමය Motorola සමාගමේදී හදුන්වන්නේ Turbo Charging ක්‍රමය ලෙසිනි. මෙම quick charge ක්‍රමය 2014 වර්ෂයේ Motorola Moto X 2වලට
හදුන්වා දුන් අතර , Turbo Charger උපාංගය moto x 2 වලට නොමිලයේ ලබාදුන් අතර පසුව Motorola
Google Nexus 6 සහ Motorola Droid Turbo smart දුරකථන සමග නොමිලයේ ලබාදුනි.
මෙය quick charge 2.0 තාක්ෂනය යටතේ නිමකරනලද අතර quick
charge ක්‍රමය සම්බන්ද devices සමග ඔබට විනාඩි 30 ක් තුළ 0-50% සිට 100% ක් දක්වා ඔබගේ Moto smart දුරකථනය charge කරගත හැක.
මෙහි 100% charge කිරීම සදහා විනාඩි 90ක් පමණ ගතවන
අතර එය ඔබේ device එකේ mAh ( බැටරි ධාරිතාව ) අනුව රදාපවති.
මෙහි පරණ ක්‍රමය වන quick charge 1.0 ක්‍රමය මගින් විනාඩි 96ක් තුලදී 67% ක් charge කල
හැකි නමුත් ඒ කාලය තුලදී quick charge 2.0 මගින් එය 100%ක් කල හැකි වේ .දැනට
ක්වාල්කොම් සමාගම quick charge 3.0 ක්‍රමය හදුන්ව දීමට නියමිතව තිබේ .
මෙම quick
charge ක්‍රමය බාවිතා කර Turbo Charging කල හැකි
moto devices කිහිපයක් මෙසේය ..
1.
Motorola Moto X 2
2.
Motorola Droid
Turbo
3.
Motorola Google Nexus 6
4.
Motorola Moto X Play
5.
Motorola Moto X Style Pure
වේ..
මෙහිදී නවතම නිකුත් වූ Motorola Moto X Style Pure දුරකථනය
විනාඩි 15 charge කර පැය 8ක් දුරකථනය පාවිච්චි කිරීමේ හැකියාව ඇත.
මීට අමතරව quick charge 2.0 සමග Turbo
Charging ක්‍රමය HTC,LG සහ Samsung නවතම දුරකථන සමග
පැමිනීමට කටයුතු කර ඇති අතර නමුත් Motorola
device සමග අඩුවෙලාවකින් charge කිරීමට හැකියාවක් ලැබී නැත (දැනට) .
මෙම Motorola Turbo Charger උපාංගය ඇමෙරිකානු ඩොලර් 35 ක් වැනි මුදලකට
ලබාගත හැක.
මෙම
Turbo Charger උපාංගය ඔබේ සාමාන්‍ය smart දුරකතනයටද පාවිච්චි
කළහැකි අතර , එහෙත් අඩුම කාලයක් තුළ එය කල නොහැකි වේ. සාමාන්‍ය කාලයට වඩා අඩුක
කාලයක් ගනී.
මෙම ක්‍රමය හුදෙක් වර්තමානයට අතිශයෙන්
ගැලපෙන්නේ අඩු කාලයකින් වැඩි කාලයක් ඔබේ smart
දුරකථනය charge කරගැනීමට වුවමනා වන නිසා වේ ..
තවද
මෙය car Charger සහ Wall Charger ( සාමාන්‍ය Chargerය) යන අංග දෙකකින් නිකුත්වී
ඇති නිසා සාමාන්‍ය ජීවිතයට බෙහෙවින් වැදගත් වේ ..
Turbo Charging වෙන හැටි බලන්න මේ video එකට යන්න ...
#Moto_SL
#Rukshan_M





Post a Comment