Nvidia සමාගමෙන් සුපිරි GPU එකක් (Nvidia GeForce GTX TitanX)
මේ අලුත් VGA කාර්ඩ් එක පහත දක්වලා තියෙන සියලුම තාක්ෂණයන්ට සහය දක්වනවා SLI CUDA 3D Vision PhysX Adaptive VSync GPU Boost 2.0 G-SYNC 4K Surround VXGI MFAA DSR Virtual Reality වැදගත්ම දේ තමා නවතම Direct X 12 සඳහාත් මෙය හොඳින්ම සහය දක්වනවා... එ වගේම මෙ VGA කාර්ඩ් එක පාවිච්චි කරලා දැනට ඇවිත් තියෙන උසස්ම තත්වයේ Games ඕනම එකක් ULTRA Graphics Mode යටතේ play කරන්න පුලුවන්...
මෙම කාර්ඩ් එකෙ ධාරිතාව 12GB වෙනවා.. දත්ත හුවමාරු වේගය 7.0 Gbps පමණ වෙනවා.. (ඒ කියනනෙ ඉතින් අපේ භාශාවෙන් කියනවානම් ගේම් මරන්න පුලුවන් කියන එක තමා..) දැන් හිතා ගන්න පුලුවන් නේද මේ VGA කාර්ඩ් එක කොච්චර ප්‍රභලද කියලා... මේකෙ මිළ නම් ආසන්න වශයෙන් £870 ක් වෙනවා.. (ලංකා මුදලින් Rs 138744/= ක් පමණ...) ගෙම්ස් play කරන ඔයාලට මේක වැදගත් වෙන්න ඇති කියල මං හිතනවා... මේ GPU එක පිලිබඳව තවත් වැඩිපුර දැන ගන්න ඕන නම් මෙ Link එක ක්ලික් කරන්න..
මේක ලිව්ව මම - තිසුලවි බණ්ඩාර



Post a Comment