Header Ads

ඇපල් iPhone වල පර්ෆෝමන්ස් ඇත්තටම අඩුද?

Apple iPhone ගැන බොහෝ දෙනෙක් කියන කතාවක් මේක..
"
අපෝ...ෆෝන් එක කොලිටි උනාට පර්ෆෝමන්ස් නෑනෙ..දැන් බලපන්..iPhone 6 ආව..තියෙන්නෙ ඩුවල් කෝර් ප්‍රොසෙසරයක්නෙ..1gb රැම් එකක්නෙ..වැඩක් තියෙනවද.. අපේ S2 එකෙත් තියෙනවනෙ ඩුවල් කෝර් ප්‍රොසෙසරයයි 1gb රැම් එකයි.. මට iPhone වල පර්ෆෝමන්ස් මදි! ඒකනෙ මන් iPhone ගන්නෙ නැත්තෙ"
ඔය උඩ තියෙන කතන්දරේ සමහරු කියනවා ඔබත් අසා ඇති. සමහරවිට ඔබත් මෙහෙම කියපු..මෙහෙම හිතන් ඉන්න කෙනෙක් වෙන්ට ඇති. කියන්න කණගාටුයි..එහෙම හිතන් ඉන්නවනම් ඔබ 100%ක්ම වැරදී!
Apple සමාගමේ iPhone unix කර්නලයේ යටතේ වෙනස්ම os එකකින් බලය ලබන නිසා කිසිවකුට කෙලින්ම ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් සහ iPhone එකක් compare කරන්න බැහැ.ඒනිසා විවිධ මත පැන නගිනව.ඔබ දන්නවාද iPhone හි ඇති A7 හා A8 යන චිප්සෙට් වල ඩුවල් කෝර් ප්‍රොසෙසරය ඔබේ Note 3 හි S5 හි.. M8 හි ඇති ක්වඩ් කෝර් Snapdragon ප්‍රොසෙසරයට වඩා බලවත් බව? 
නවතම iPhone 6s හි ඇපල් A9 ප්‍රොසෙසරයේ නිෂ්පාදන ක්‍රියාවලිය (16 nm) අතිශය කුඩා නිසා චිප්සෙට් එකෙහි උෂ්ණත්වය ඉතාමත් පහළ මට්ටමේ පවතින අතර පර්ෆෝමන්ස් ඉහලය!


ලැබී ඇති ආරංචි අනුව ඇපල් iPhone 7 හිද චිපයද ඇපල්
A9  වන අතර එහි නිෂ්පාදන ක්‍රියාවලිය 14nm දක්වා අඩු කෙරෙනු ඇති.


ඇපල් නවතම චිප්සෙට් එක arm v8 පාදක කොට ගනිමින් තැනූවක්.

arm කියන්නේ මොකද්ද කියලත් කියන්නම්කෝ..
arm
කියන්නේ arm holdings ආයතනය මගින් හදුන්වාදුන් ප්‍රොසෙසර ආකෘතියක්! දැනට ලෝකයේ සියලුම මොබයිල් උපාංග පණ ලබන ප්‍රොසෙසර උක්ත ආකෘතිය මත නිපදවූ ඒවායි.සැම්සුන් සමාහමේ exynos වේවා..ක්වල්කොම් සමාගමේ Snapdragon වේවා..ඇපල් සමාගමේ Cyclone A7/A8 වේවා..මේ හැම එකක්ම arm ආකෘතිය මත නිපදවූ ඒවායි.
arm
සමාගමේ නවතම ආකෘතිය වන්නෙ arm v8 යන්නයි.
Note 4 ඇතුලු සියලුම උපාංග වල ප්‍රොසෙසර arm v7 32bit මත පාදක වුවද ඇපල් 5S සිට නව උපාංග වල arm v8 64bit ගණයේ ප්‍රොසෙසර අන්තර්ගත වේ.මේ නිසා ඩුවල් කෝර් වුවද ප්‍රොසෙසින් වේග වෙනස arm v7 වඩා බොහෝ ඉදිරියෙනි. නිසා ප්‍රොසෙසරය වෙහෙසෙන්නේ නැත.
එසේම ඇපල් ෆෝන් වල රැම් එක 1gb ඇයි කියා ඔබ අසාවි.
Note 3
එකෙත් 3gb තියෙනවනෙ.හේතුව මේකයි.
unix
කර්නලය මත පාදක ios මෙහෙයුම් පද්ධතිය නිර්මාණය කරල තියෙන්නෙ රැම් එක ඉතාම අඩුවෙන් භාවිතා වන ආකාරයටයි.
එසේම මිනිමයිස් වෙන ඇප්ස් එපිටින්ම මිනිමයිස් නොවේ. වෙනුවට ඇප් එක හයිබර්නේට් වේ. කියන්නේ ඇප් එකෙහි data මතකයේ රදවා නොගෙන ඇප් එක ඔබ විසින් pause කල තැන පමණක් මතකයේ තබා ගනිමින්ය.ඉතින් iPhone එකට පට්ට ගේම්ස් 2 3ක් දාගෙන ලොකු ඇප්ස් 5ක් 6ක් දැම්මත් රැම් එක තව තවත් ඉතිරි වේ.
මොබයිල් උපාංග සදහා ලොව හොදම gpu ලෙස සැලකෙන්නෙ ක්වල්කොම් සමාගමේ adreno සහ arm සමාගමේ PowerVR gpu එකයි. gpu (graphics processing unit) කියන්නෙත් vga එකටම තමා.

ඇපල් සමාගම ඔවුන්ගේ gpu එක ලෙස තෝරාගත්තේ powervr gpu එකයි. ඇපල් සමාගමේ gpu එක ක්වඩ් කෝර් . ඔවුන්ගෙ cpu එක ඩුවල් කෝර් වුවද gpu එක ක්වඩ් කෝර්ය. ඇපල්ට වඩා ප්ර්ෆෝමන්ස් ඇතැයි කියන අපගේ ෆෝන් වල gpu එක සිංගල් කෝර් බව ඔබ දන්නවාද?ඉතින් iPhone හි ගේම්ස් සහ සජීවීකරණ කටයුතු සදහා පර්ෆෝමන්ස් උපරිමය.
ඒවගේම තමා කැමරාව. කැමරාව iPhone 6 එකේ 8mp.
s6
එකේ 16mp.හපොයි ඇපල් කියල ඔබ කියාවි. නෑ.. mega pixel වලින් කැම් එකේ කොලිටිය බලන්න බෑ..මන් කියන්න යන්නෙ නෑ.. ඔබම බලන්න gsm arena එකේ.. iPhone 6 හි කැමරා aparture size sensor sizes එහෙම කොම්පෙයාර් කරලා!

iPhone 6s හි මැක්‍රෝ ෆොටෝග්‍රෆි සදහාම එහි 12mp කැම් එක තුළ අඩංගු ලෙන්ස් ගණන 5කි!



ඇපල් අපිට හරියන්නෙ නෑ කියල බොහෝ දෙනෙක් පෙන්වා දෙන්නේ os එකෙහි නිදහස මදි කියලයි. ඒක නම් ඇත්ත!
නමුත් කවදත් පරිශීලකයාගේ ආරක්ෂාව ගැන හිතපු ඇපල් සමාගමටයි,ඔවුන්ගේ closed source os එකටයි වරදක් කියන්ට බැහැ ෆෝන් එකෙහි නිදහස ගැන!


iPhone කියන්නේ වචනයේ පර්සමාප්ත අර්ථයෙන්ම smartphone එකක්! පරිශීලකයාට ඩෙස්ක්ටොප් ගුණාංග රැසක් එයින් අපේක්ෂා කරන්ට බැහැ!


written and published : Thisara Sonal

4 comments:

  1. noye 5 has an octacore gpu mali t760mp8.its better camera aperture size hence it takes better pictures than iphone 6s.source dxomark.

    ReplyDelete
  2. මචෝ උබ නම් එසේ මෙසේ කොල්ලෙක් නෙවෙයි. සුපිරිම කොල්ලෙක් . නියම post එකක්..

    ReplyDelete

Powered by Blogger.