Header Ads

[ROOT]COMPUTER එකක් CUSTOM RECOVERY එකක් නැතුව ෆෝන් එකෙන්ම CUSTOM/STOCK ROM එකක් FLASH කරමු!


හරි.. අද මම කියාදෙන්න යන්නෙ... කොහොමද PC එකක් අල්ලන්නෙවත් නැතුව.. ROM එකක් Flash කරන විදිය..
ෆෝන් එක root කරල තියෙන්න ඕනෙ..
custom recovery එකක් ඕනෙ නෑ.. සෝක් නේද..සමහරු කියයි හයියෝ අපි නම් මේව නයින්ටීන් සිස්ක්ස්ට් පෝ වල නිදහස හම්බුන කාලෙ ඉඳන් දන්නව කියල. කමක් නෑ. මම කියන්නෙ නොදන්න අයට. දැන් අපි බලමු කොහොමද කියල....


මුලින්ම අපි බලමු අපි ගොඩක් අය use කරන samsung ෆෝන් වලට කොහොමද computer එකක් නැතුව stock rom එහෙමත් නැත්තම් custom tar  හරි tar.md5 files හරි flash කර්න්නෙ කියල.

මුලින්ම ෆෝන් එක රූට් කරල තියෙන්න ඕනෙ..
ඊට පස්සෙ මේ link එකෙන් mobile odin pro කියන apk එක download කරල install කරගන්න.
මොකද්ද මේක? මොනවද මේකෙන් තියෙන වාසි?

හරි මේක හැදුවෙ chianfire කියල අපි ගොඩක් අය use කරන superuser applocation එක හදපු කෙනා .
හේතුව හදිස්සියෙ යන එන ගමන් අපිට ආයෙ stock rom එකක් flash කරගන්න ඕනෙ වුනොත් computer එකක් හොය හොය ඉන්න
බැරි නිසා ..

මේකෙ වාසි ?
1. pc එකක් ඕනෙම නෑ ..
2. rom,recovery,boot image වෙන වෙනම හෝ ඔක්කොම එකට flash කරන්න පුලුවන් .
3. මේකෙන් ෆෝන් එකේ bootloader එකට අතක් තියවෙන්නෙ නැති නිසා ෆෝන් එක brick වීමේ හානියක් නෑ .
4. ඔයාල දන්නව ඇති samsung වල 4.3 වල ඉදන් knox කියල security system එකක් එනව .. ඒක නිසා සමහර වෙලවට අපි lollipop තිබ්බ එක්කට kitkat හරි
kitkat තියෙන  එකකට jelly bran හරි දාන්න යද්දි odin එකේ fail වෙනව . එහෙම වෙලවට අපිට මෙකෙන් downgrade කරගන්න පුලුවන්
කිසීම  අවුලක් නැතුව .

එහෙනම් දැන් කොහොමද මේක කරන්නෙ බලමු ... :)

1. මුලින්ම application එක open කරගන්න ..
2. open වෙනකොට ඔයාගෙ model එක support නෑ කියල ආවොත් .. එහෙමම close කරන්න . :P support කරනකල් ..
3. ඔයාට තියෙන්නෙ originak korean model එකක්නම් ඒත් සමහර වෙලාවට මේ මැසේජ් එක එයි ..
උදාහරනෙකට ගත්තොත් ඔයාට තියෙන්නෙ note 2 shv-e250s එකක්නම් මේක open කරද්දි  ෆෝන් එක support නෑ කිව්වොත් ..
* root explorer එකක්  download කරගෙන ..
* ඒකෙන් system>build.prop කියන එක text editor එකෙන් open කරල ..
* ඒකෙ පලවෙනි lines 10යෙ  device model එකට  shv-e250s කියන එක දීල ඇති ..
* ඒක මකල  GT-N7105 කියල දාල save කරල ෆෝන් එක reboot කරල  mobile odin pro open කරන්න !
* දැන් අර මැසේජ් එක් එන්නෙ නෑ ... :)මේක rom එක flash කරගන්න අපි යොදන tතාවකාලික පිලියමක් .

4. දැන් application එක open කරල .. ඒකෙ ඔයාට ඔන tab එක select කරල .. (stock rom එකක්නම්  open files)
කියල ඇති .. ඔයාගෙ ෆෝන් මෙමරි එකේ  තියෙන රොම් එක් select කරන්න...

දැන් EVERROOT option එක යටතේ තියෙන option 3ma tick කරල ..( ඔයාට ෆ්ලෑශ් කරන රොම් එක රූට් වෙන්න ඕනෙ නම් විතරක් .. )
ඊට යටින් තියෙන wipe data/cache කියන option එකත් select කරල ..
FLASH ඔබන්න .!



5. විනාඩි 10k විතර යද්දි ෆෝන් එක ඔයා දීපු stock rom එක සමග on වෙයි ..




---------- RECOVERY එකක්වත් නැතුව CUSTOM ROM එකක් flash කරමු ! -----------------------------

මේක ඕනේම phone එකකට support .. ඔයාගෙ ෆෝන් එකට තම cwm/twrp වගේ recovery එකක් නැත්තම් හෝ හොයාගන්න බැයිනම්
දුක් වෙන්න ඕනෙ නෑ .. මේකෙන් ඒ වැඩේ ඔයාට කලෑකි .. application එකේ නම FLASHFIRE ..මේකත් හදල තියෙන්නෙ මම අර කිව්ව chainfire
ම තමයි .. මේක තාම beta මට්ටමේ තියෙන්නෙ .. හැම ෆෝන් එකකම මේකෙ test කරල නෑ .. ඒත් මේක ඔනේම model එකකට වැඩ කරනව ..

මම උදාහරනෙකට ගන්නම් මගෙ ෆෝන් එක .. මගෙ ෆෝන් එක LG G4. තාම මගෙ ෆෝන් එකට custom recovery එකක් release වෙලා නෑ ..
ඒ කියන්නෙ මට කිසිම flashble zip එකක් flash කරගන්න බෑ .. මම අද පෙන්නනව එහෙම තියාගෙන full custom rom එකක් කොහොමද
මම flash කලේ කියල ..

1.මෙතනින් ගිහින් flashfire latest version එක download කරගන්න ..
2.ඒක open කරගන්න .
3. දැන් මේ වගේ තියෙයි ..

4. ඊට පස්සෙ මෙන්න මේ + ලකුන select කරන්න ..

5. දැන් මේ වගේ තියෙයි ..

6. මට ඔනෙ rom එකක්  flash කරන්න .. ඉතින් මම මෙතනින් flash zip or OTA select කරනව ..
7.ඊට පස්සෙ ඔයාගෙ rom එක select කරගන්න ..
8.ඒට පස්සෙ  ඒකෙ auto mount select කරන්න එපා.
 හරි ලකුන select
කරන්න .

9. දැන් මේ වගේ තියෙයි ..

10. දැන් ආයෙ + ලකුන select කරන්න ..
11. දැන් ඔතන තියෙන WIPE කියන option එකට යන්න ..
12.දැන් internel storage ඇරෙන්න අනික්  හැම එකම තෝරල හරි ලකුන ඔබන්න .

13. දැන් FLASH select කරන්න ..

14. black screen එකක් වැටිල ෆෝන් එක off වෙනව වගේ වෙයි .. බය වෙන්න එපා. මේකට සමහරවිට 20minutes වගේ යන්න පුලුවන්.
හදිස්සි නොවී බලන් ඉන්න .
15. වැඩේ ඉවර වුනාම ෆෝන් එක reboot වෙයි .. ඔයාගෙ අලුත් rom එකත් එක්කම !!

---------- ප්‍රශ්න සහ පිලිතුරු ------

1. මචං mobile odin/flashfire එකට root ඕනෙද ?
ඔව් මචං . :P

2. mobile odin එක samsung වලට විතරද ?
ඔව් ..

3. කොහොමද මචං build.prop එක edit කරන්නෙ ?
මේ video එක බලන් ඉගෙනගන්න .

4.flashfire එකෙන්ම අපේ rom එකේ backup එකක් ගන්න බැයිද ?
පුලුවන් . එකෙ තියෙන backup/restore option එක use කරන්න .

5. mobile odin එකෙන් rom එකක් dදැමීමට පස්සෙ අපේ root නැතිවෙයිද ?
ඒක ඔයාගෙ කැමැත්ත. ඔයාට root ඕනෙ නම් .. mobile odin/flashfire
එකේ everroot කියන එකට tick එකක් දාල stock rom
එක flash කරන්න .. එතකොට ඔයාට දාන රොම් එකත් ඒකෙන්ම රූට් වෙලාමයි flash වෙන්නෙ .

තව ප්‍රශ්න තියෙනවනම් comment එකක් දාන්න .. ඕනෙමනම් share කරන්න . මෙලෝ මගුලක් තේරෙන්නෙ නැත්තම් පල්ලෙහා videos බලන්න ..
ඒත් තේරෙන්නෙ නැත්තම් වැඩේ අත ඇරල දාන්න . :P

How to Use ''Mobile Odin'' in Android Devices (Tutorial)
FlashFire Install ROMs, Kernels, and Flash without a Custom Recovey

ඉස්කෝතුයි .
#DA

1 comment:

  1. machn.. sony walata me wage deyk nedda bn... bootloade locked walata

    ReplyDelete

Powered by Blogger.