Header Ads

ලබන වසරේ පැමිණීමට නියමිත Galaxy S7 දුරකතනයේ නවතම තාක්ෂණයක් ?





බොහෝ විට ලබන වසරේ(2016) මාර්තු මාසයේ එලි දැක්වීමට නියමිත Samsung Galaxy S7 දුරකතනයට නව වීදුරුවක් භාවිතා වෙන බවට සැක පලවෙනවා ..කොරියානු වෙබ් අඩවියකට අනුව සැම්සුන්ග් සමාගම නව වීදුරු වර්ගයක් සදහා අයදුම් කොට තිබෙනවා ... මෙම වීදුරු වර්ගය Turtle Glass යනුවෙන් හදුන්වයි ..
පේන විදිහට මේ වීදුරු වර්ගය Corning නම් සමාගම විසින් නිපදවනු ලබන Gorilla Glass එකට වඩා සවිමත් වගෙයි ..



            මෙතෙක් කල් සැම්සුන්ග් සමාගම මෙන්ම වෙලදපොලේ අනෙකුත් සමාගම් වන HTC , LG , Motorola වැනි සමාගම් ඔවුන්ගේ දුරකතන සදහා යොදා ගත්තේ Corning Gorilla Glass ය .. නමුත් මෙනෙන ආකාරයට සැම්සුන්ග් සමාගම මේ වසරේ එහි වෙනස් කමක් කිරීමට නියමිතයි වගෙයි ..

මීට අමතරව අන්තර්ජාලයේ පල වන තවත් දෙයක් වන්නෙ මෙම දුරකතනයේ සවිමත් භාවය ගැන මේ වසරේ ඔවුන් ඉතා වැඩියෙන් සිතන බවයි .. මොකද වීදුරු වර්ගය මෙන්ම පවසන ආකාරයට ඔවුන් අලුත් මැග්නීසියම් මිශ්‍ර ලෝහයක් සම්භන්ධයෙන්ද පර්යේෂන කරන බව ද ආරන්චි මාර්ග පවසනවා ..

ඉතින් අපි සිතනවා ලබන වසරේ පැමිනීමට නියමිත Galaxy S7 දුරකතනය ඉතා පෙරලිකාර අන්දමින් එලිදක්වයි කියලා .. අපි සැවොම බලන් ඉමු ඔවුන් මීලගට අපට තිළින කරන්නෙ කුමක් ද කියා ..ඒ මෙන්ම ඉහත කියපු දේවල් අන්තර්ජාලයේ පල වුනු දේවල් බැවින් .. ඒ පිලිබදව ඔබව දැනුවත් කරන්න මේක ලිවූ බවත් .. මේ ලියා ඇති සෑම දෙයක් ම මේ වෙන තුරුත් අපට තහවුරු වී නැති බවත් මතක් කරනවා .. නමුත් එසේ වේවි යැයි අන්තර්ජාලයේ බොහෝ සෙයින් සැක පළ වෙනවා .. අපි බලන් ඉමු ඉතින් අවසානය වන තෙක් ..


එහෙනම් මන් තවත් අලුත් දෙයක් අරන් එන පොරොන්දුවත් එක්ක මේ පෝස්ට් එකෙන් සමු ගන්නවා .. උදව්වක් උනා නම් කොමෙන්ටුවක් දාගෙන ශෙයාර් කරගෙන යන්න අමතක කරන්නත් එපා ..මොකක් හරි ගැටලුවක් තිබුනොත් ඒත් පහලින් කොමෙන්ටුවක් දාන්න .. 


කර්තෘ අයිතිය - Charana Harshana

No comments

Powered by Blogger.